Gossips

තෙල් මිල ඉහළ යාමත් සමඟ, බස් සංගම් සහනයක් ඉල්ලයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ ගාස්තු සංශෝධනයක් හෝ සහනයක් ලබාදිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංස්ථා ඉන්ධන මිල ඉහළ දැමුණා.
ඒ අනුව ඕක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නැංවුණා.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සූත්‍රය වහා ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මීට අදාළව අද (11) බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.