Gossips

තෙල් මිල ඉහළට

ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය කප්පාදු කිරීම මෙන්ම ඉරානය සහ වෙනිසියුලාවට ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 71 යි ශත 7 ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 63 යි ශත 84 ක් ලෙසයි.
මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 75 ත් 80 ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.