Gossips

තෙල් නළයක සිදුවූ කාන්දුව යථා තත්ත්වයට පත් කිරීම දින 3ක් ඇතුළත

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ධම්මික රණතුංග කියා සිටියේ ඒ සඳහා දින 3ක පමණ කාලයක් ගත වන බවයි.
ඒ හේතුවෙන් මුහුදු තීරයේ සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියේ.