Gossips

තෙල් ගවේෂණයට නව ගිවිසුම් දෙකක්

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ තෙල් සම්පත් ගවේෂණය සඳහා නව ගිවිසුම් දෙකකට එළඹීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ප්‍රංශයේ ටූටාල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෂ්ලම්බර්ගර් සමාගම් සමඟ එලෙස ගිවිසුම්වලට එළඹෙන බවයි.
බහු කාර්ය සේවා සමාගමක් වන ඇමරිකානු ෂ්ලම්බර්ගර් සමාගම මන්නාරම් බොක්ක, කාවේරි බොක්ක ඇතුළු මෙරට ද්‍රෝණි තුනේම දත්ත ගවේෂණය කිරීමට නියමිතයි.
අදාළ දත්ත විශ්ලේෂණය කිරීම මගින් ඛනිජ තෙල් සහ ගෑස් සම්පත් පිළිබදව තොරතුරු ලබාගැනීමට හැකි වනු ඇති.
ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ තෙල් ගවේෂණ ගිවිසුමක් මීට පෙර ද පැවති අතර, එය නව ගිවිසුමක් ලෙස දිගු කිරීමට පියවර ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දිසානායක සඳහන් කළේ.