මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ කලාපයට සහ මුහුදු ජීවින්ට සිදුවූ හානිය යථා තත්ත්වයට පත්වීමට වසර 5 ක් පමණ ගතවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අද එම වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
එම වෙරළ තීර නිරීක්ෂණයට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ද පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ වෙරළ අවට පිරිසිදු කිරීමේ කටයුතු හෙට දිනය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුව හේතුවෙන් දික් ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වුණා.
මෙම තෙල් තට්ටුව ඉදිරිපත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 300 කට අධික පිරිසක් එක්ව සිටිනවා.