Gossips

තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වෙරළ තීරය අපවිත්‍ර වෙයි – පිරිසිදු කිරීම සඳහා දින 3ක්

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබෙනවා.
මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටින බව සඳහන්.
කෙසේ වෙතත් පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා දින 3ක පමණ කාලයක් ගතවන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
තෙල් කාන්දුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ උස්වැටකෙයියාව සහ පමුණුගම වෙරළ තීරයටයි.
මෙම නළය මඟින් රැගෙන යන්නේ දැවි තෙල් විශේෂයක් බැවින් වෙළදපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ අදාළ තෙල් නළ ඉතා පැරණි බැවින් ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීමට කාලය ගතවන බවයි.