තෙල්දෙණිය සිද්ධියෙන් හානියට පත් වූ ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැංවීම සඳහා සියයට 2 ක සහන පොලියක් යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද (21) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පවසා තිබෙනවා.
