තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනාගෙන් 16 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්. පරික්දීන් අද (19) නියෝග කළා.
අනෙක් සැකකරුවන් අටදෙනා මුදාහරින බවයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.
අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 4 වනදායි.
එමෙන්ම මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටි මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා මේ මස 29 වනදා දක්වා මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
