Gossips

තෙරේසා මේට යළි විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ,ට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, එරට විපක්ෂ නායකයා මෙන්ම කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් විසින්.
යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මස 14 වන දා දක්වා කල් තැබීමට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් පසුගියදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය වැඩි ඡන්දයෙන් තෙරේසා මේ ජයග්‍රහණය කරනු ලැබුවා.
ඒ අනුව තවත් වසරක් ගතවනතුරු තෙරේසා මේගේ පක්ෂ සාමාජිකත්වය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.