Gossips

තෙඹුවන සැරයන්ගෙන් පැය හතරහමාරක් ප්‍රශ්න කරයි – සමාජ මාධ්‍යයට විශේෂ පාපොච්චාරණයක්

තෙඹුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය හතරහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පසුගියදා සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි එම ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ලබාගත් ප්‍රකාශ හරහා ඉදිරි විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බවද එම නිලධාරීයා කියා සිටියා.
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් පොලිස් භාරයට ගත්තද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බව පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 03 වැනිදා තෙඹුවන නගරයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුගිය 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත ඔහුව මුදා හරිනු ලැබුවා.
එමෙන්ම, මෙම පොලිස් සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පසුගියදා පියවර ගනු ලැබුවේ.