නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙඹුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුව නැවත සේවයේ පිහිටුවා තෙඹුවන පොලීසියටම අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තෙඹුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරි බවට පවසමින් මොහු පසුගියදා සිය ගිනි අවිය රැගෙන තෙඹුවන නගරයේදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.
කෙසේ වෙතත්, පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලයට කැදවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබුවා.
