Gossips

තෙප්පමකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

තෙප්පමකින් ඇද වැටීමෙන් උච්චමූනේ කලපුවේ ගිලී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය – උච්චමුනේ දූපතේ පදිංචිව සිටි නෙතූ ඩයස් නමැති වයස අවුරුදු 06ක දරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඊයේ (28) දරුවන් කීපදෙනෙකු උච්චමූනේ කලපුවේ නවතා තිබූ තෙප්පමක නැගී සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ එක් දරුවෙකු ඉන් ජලයට වැටී තිබෙනවා.
අනතුරුව දූපත්වාසීන් විසින් දරුවා සොයා ගෙන ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.