Gossips

තෙදින නිල සංචාරයක් සදහා අගමැති පස්වරුවේ ඉන්දියාවට

තෙදින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ද්වීපාර්ශවීය සාකච්ජා අනිද්දා නවදිල්ලි නුවරදී පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුලූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිප පළක් හමුවීමට ද නියමිතයි.