Gossips

තුවාල ලැබූ අලි පැටවෙකු බේරාගත් මෙහෙයුම

ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ කිතුල්උතුව යකා වංගුව ප්‍රදේශයේදී මව සමඟ පාර මාරු වෙමින් සිටි වන අලි පැටවෙකු මෝටර් රථයක ගැටී තුවාල ලබා තිබෙනවා.
අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාස 8ක වයසැති වන අලි පැටවෙක්.
ගිරිතලේ වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් පැය 8ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි අලි පැටවා සිය මවගෙන් වෙන් කර ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇත්තේ.