Gossips

තුවක්කුවක් පෙන්නලා ඉන්ධනහල කොල්ලකන්න ගිය ලොකු අයියාට අත් වූ අවාසනාවන්ත ඉරණම

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට තරුණයන් පිරිසක් එක්ව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයෙන්
කොල්ලකරු විසින් එහිදී තුවක්කුවක් පෙන්වා එක්වරම ඉන්ධනහල කොල්ලකෑමට සූදානම් වනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ එහි ඉන්ධන ලබාගනිමින් සිටි තරුණයන් පිරිසක් එක්වරම ඔහුට පහරදීම හේතුවෙන් කොල්ලකරු බිම අදවැටෙනවා.
අනතුරුව එම තරුණයන් සැකකරු මෙල්ලකරගන්නා අතර කොල්ලකරු සමඟ පැමිණි තවත් අයෙකු පැමිණ ඔහු මුදා ගැනීමට සමත්වනවා.
ඒ වනවිටත් තරුණයන් විසින් ඔහුගේ අත රැඳී තිබුණු තුවක්කුව උදුරාගැනීමට සමත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට සිදුවන්නේ එම ස්ථානයෙන් පළා යාමටයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ එම සුළු වේලාවක් ඇතුලත සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.