Gossips

තුල්හිරියේ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල

අලව්ව – තුල්හිරිය ප්‍රධාන මාර්ගයේ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළත් කළ අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් තුන් දෙනෙකු කෑගල්ල මහරෝහලට මාරු කර යවා ඇති බවයි වරකාපොල රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක පමණ පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාවය පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.