Gossips

තුර්කි පළාත් පාලන මැතිවරණයෙන් ජනපති අර්ඩවාන්ගේ පක්ෂයට පසුබෑමක්

තුර්කියේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර, ඒ අනුව ජනාධිපති තායිප් අර්ඩවාන්ගේ පක්ෂයට අන්කාරා අගනුවර බලය අහිමි වී තිබෙනවා.
එමෙන්ම තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් හි බලය හිමි වී ඇත්තේ ද විපක්ෂ සන්ධානයටයි.
ඒ අනුව අන්කාරා සහ ඉස්තාන්බුල් නගරාධිපතිවරුන් පත්වනු ඇත්තේ විපක්ෂයෙන්.
කෙසේ නමුත්, සමස්තයක් ලෙස අර්ඩවාන්ගේ ඒ.කේ.පී. සන්ධානයට සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වී තිබෙනවා.
එහෙත් මෙම මැතිවරණය ජනපති අර්ඩවාන්ගේ 16 වසරක පාලනයට එල්ල වූ ප්‍රබල අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.