Gossips

තුර්කියේ සිදුවූ දුම්රිය අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට

වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 360 කට ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.