Gossips

තුර්කියේ බලය යළිත් ජනපති අර්ඩවාන්ට

තුර්කි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් වසර 5 ක් සඳහා බලය හිමිකරගෙන තිබෙනවා.
දැනට ප්‍රකාශිත ඡන්දවලින් අර්ඩවාන්ට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 53 ක්.
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ලබන සිකුරාදා නිකුත් කිරීමට නියමිතයි.
තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද ජනාධිපති අර්ඩවාන් විසින් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළා.