තුර්කියේ ආරක්ෂක අංශ සතු අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් තුර්කි සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් සොල්දාදුවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ඉරාන – ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි හක්කරි ප්‍රදේශයේ පිහිටි තුර්කි ආරක්ෂක අංශ සතු අවි ගබඩාවකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
