පසුගිය දා පැවති ජනපතිවරණයෙන් ජයගෙන තුර්කියේ ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් රෙසෙප් තායිප් අර්ඩවාන් කර්නල්වරුන් විසි දෙදෙනෙකු, ලූතිනන් කර්නල්වරුන් 27 දෙනෙකු ඇතුළු එරට හමුදා නිලධාරීන් 49 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ, ඔවුන් 2016 කුමන්ත්‍රණය මෙහෙය වූ බව කියන ඇමරිකාවේ වෙසෙන තුර්කි ඉස්ලාමීය නායක ෆෙතුල්ලා ගුලෙන්ගේ අනුගාමිකයන් බවට චෝදනා කරමින්.
එම කැරැල්ලෙන් පසු අර්ඩවාන්ගේ රජය ප්‍රතිවාදීන් එක්ලක්ෂ 60,000ක් සිරභාරයට ගත්තා.
