Gossips

තුන්වන විස්සයි විස්ස අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ජොහැනස්බර්ග් නුවරදී අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ජයග්‍රහණය පිළිබඳ සේයාවන් පවතිද්දී පළමු තරග දෙකෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර, මුල් පෙළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විවේක ගැන්වූ දකුණු අප්‍රිකානු පිල පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂා කරනවා.
කෙසේ නමුත් මේ වසර තුළදී කිසිදු සීමිත පන්දු වාර තරගයක් ජයගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පිල මෙම තරගය ජයගැනීම සඳහා උපරිම උත්සාහයක නිරතවනු ඇති.
තරගය පැවැත්වෙන ජොහැනස්බර්ග් වොන්ඩරස් ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වැඩිම ලකුණු වාර්තාව දස වසරකට ආසන්න කාලයක් හිමිවුණේ, 2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව කඩුලූ හයකට ලකුණු 260 ක් රැස් කළ ශ්‍රී ලංකාවටයි.