Gossips

තුන්වන පාසල් වාරය අද ඇරඹෙයි

2018 වර්ෂය සඳහා වන තුන්වන පාසල් වාරය අද (03) ආරම්භ වෙනවා.
මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වනදා දක්වා සිදුකෙරෙන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කරන පාසල් තුන්වන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ මේ මස 06 වනදායී.
ඇගයීම් මණ්ඩල 572 ක් යටතේ ගුරුවරුන් 8,432 සහභාගීත්වයෙන් එම ඇගයීම් සිදුකෙරෙන අතර, එම කාලසීමාව තුළ පාසල් 37 ක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.