Gossips

තුන්වන දිනය අවසන්, වැඩි ගෞරව ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
තරඟය තුන්වන දිනට අවසන් වනවිට ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටියා.
ඊයේ දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 123ක් රැස්කරගෙන සිටි අතර අද දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමට රැස්කර ගත හැකි වුයේ තවත් ලකුණු 92ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම් සඳහා රැස්කර ගත හැකිවුයේ ලකුණු 215ක් පමණයි.
ඒ ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 534ට පිළිතුරු වශයෙන්.
ලකුණු 319ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව කඩුලු 03කට ලකුණු 196ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා නොදැවී ලකුණු 101ක් රැස්කළ අතර ට්‍රැව්ස් හෙඩ් නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
කසුන් රාජිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 64 කට ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු 2ක් බිද දැමුවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 516ක්.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු දහයම ඇතැතිව තවත් ලකුණු 499ක් පසුපසින් සිටිනවා.
තරඟයේ සිව්වන දිනය හෙටයි.