දින කිහිපයක සිට කරුවලගස්වැව ප්‍රදේශයේ අතුරුදහන්ව සිටින සිව් හැවිරිදි දැරිය සොයා අද (01) තුන්වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.
මෙම දැරිය පෙරේදා (30) නිවසේ සිටියදී අතුරුදහන් වූ බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.
අද දිනයේ ද පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් විමර්ශන කටයුතු සිදු කෙරුණා.
කෙසේ වෙතත් මේ වන තෙක් දැරිය පිළිබඳ නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.
අප වාර්තාකරු සඳහන් කළේ දැරියගේ මව, මිත්තනිය සහ මිත්තනියගේ අනියම් සැමියා පොලිස් භාරයේ පසුවන බවයි.
දැරිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ වන විට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතට පත් කර තිබෙනවා.
rnrnrn
