Gossips

තුන්වන එක්දින තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.
තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ පස්වරු 2.30 ටයි.
මේ අතර අද තරගයේදී එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ඩෝසන් ක්‍රීඩා නොකරන බවට වාර්තා වනවා.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ක්‍රීඩා නොකරන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ද ආබාධයට ලක්වීම හේතුවෙන් ක්‍රීඩා නොකරනු ඇති.
ඔහු වෙනුවට සදීර සමරවික්‍රම ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.