Gossips

තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් ජලයට කොටු වෙයි

හැමිල්ටන් ඇළ පිටාර ගැලීම නිසා නාන්තණ්ඩිය – තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් කොටු වී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.
මේ අතර එම පවුල් මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් තවමත් පවතින්නේ ජලයෙන් යටවයි.
කඩුපිටිය ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා. මීට අමතරව රතඹලාඔය පිටාර ගැලීම නිසා මදවක්කුලම ප්‍රදේශය ද ජලයෙන් යට වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු ජූඩ් සමන්ත කියා සිටියේ.
මේ අතර, වර්ෂාවත් සමඟ දැදුරුඔය ජලාශයේ විවෘත කෙරුණු වාන් දොරටු 8ම තවමත් අඩිය බැගින් විවෘතව පවතිනවා.
ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 25,000ක් පමණ දැදුරුඔයට මුදාහැරෙන බවටයි වාර්තා වන්නේ.
රාජාංගණය සහ තබ්බෝව යන ජලාශවල ජල මට්ටම් ද තවමත් පවතින්නේ පිටාර මට්ටමේයි.