Gossips

තුන්කොන් නිදහස් කුසලාන තරඟාවලියේ දින වකවානු වෙනස් වීමට හේතුව

ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන තුන්කොන් නිදහස් කුසලාන තරඟාවලියේ කාලසටහන සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ලබන මස 08 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත තරඟාවලිය 06 වනදා ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
තරඟාවලියේ අවසන් තරඟය අඟහරුවාදා දිනයකදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය ඊට පෙර යෙදෙන ඉරිදා දිනයේදී පැවැත්වීමට ගත් තීරණය මෙම සංශෝධනයට හේතුවී තිබෙනවා.
ඉරිදා දිනයේදී ප්‍රේක්ෂකයින් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමේ අරමුණින් එම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.