Sports

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද

ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද ඩකාහිදී පැවත්වේ.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය 15 වන දා ආරම්භ විය.

තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය පැවැත්වූ අතර ඉන් කඩුලු 8ක ජයක් හිමි කර ගත්තේ බංග්ලාදේශ කණ්ඩායම යි.

තරගාවලියේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද සිම්බාබ්වේ කණ්ඩායමත් සමග ඩකාහිදී පැවැත්වේ.

කෙසේ වෙතත් මේ තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ, තරගයෙන් තරගය ක්‍රීඩා කර ජයග්‍රහණය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.

ඔහු මේ බව පැවසුවේ, බංග්ලාදේශයේ ඩකාහිදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ වන විට එක්දින තරග 55ක් පවත්වා ඇති අතර ඉන් තරග 43ක් ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

අනෙක් තරග 10 ජය ගත්තේ, සිම්බාබ්වේ කණ්ඩායම ය.

තරග 2ක් තීරණයකින් තොරව අවසන් විය.

අද තරගය මෙරට වේලාවෙන් උදෑසන 11.30ට ආරම්භ වීමට නියමිත ය.