පිටකොටුව – පළමු හරස් වීථියේ කඩ කාමරයක් තුළ සඟවා තිිබූ නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් 48 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවායේ දළ වටිනාකම රුපියල් හාරලක්ෂ තිස් එක්දහසක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම තිස්සමහාරාම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් දේශීය මත්පැන් බෝතල් 73 ක් සහ බියර් ටින් විස්සක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.