ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම මධ්‍යම කාරක සභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ද අද රැස්වීමට නියමිතයි.
පසුගිය 17 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අතර, එහිදී තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.
අද රැස්වන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඊට සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.
