එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉයන් මෝගන් සිය විවාහය සඳහා යොදාගෙන තිබූ දිනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ මෙම වසරේ අග භාගයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරඟ සංචාරය හේතුවෙන්.
ඉයන් මෝගන්ගේ පෙම්වතිය වන ඕස්ට්‍රේලියානු ජාතික ටාරා රිජ්වේ සමඟ මෙම වසරේ ඔක්තෝබර් මාසයේ විවාහ වීමට සැලසුම්කර තිබුණා.
එංගලන්ත කණ්ඩායම ලබන සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකා සංචාරය සිදුකිරීමට නියමිත අතර එහිදී ටෙස්ට් තරඟාවලියක් සහ එක්දින තරඟාවලික් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
