මෑත යුගයේ වඩාත්ම තියුණු මැතිවරණය ලෙස සැලකෙන ඊශ්‍රායල මහමැතිවරණය දැන් ආරම්භ වී තිබෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත් විශ්‍රාමික ජනරාල් බෙනී ගන්ට්ස්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය අගමැති නෙතන්යාහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති.
වත්මන් රජය යළි බලයට පත්වුවහොත් පලස්තීන බටහිර ඉවුරේ යුද ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදා ගැනීමට අගමැති නෙතන්යාහු ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.