Gossips

තීරණාත්මක අදියරකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරඟ අවසන් සතියට එළඹෙද්දී, කණ්ඩායම් 5කට තරඟාවලිය තවමත් විවෘතව පවතින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.
දැනට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පමණයි.
කොල්කටා, රාජස්ථාන්, පන්ජාබ්, මුම්බායි සහ බැංගලොර් කණ්ඩායම් අවසන් වටයේ ඉතිරි ස්ථාන දෙක සඳහා තියුණු සටනක නිරත වනු ඇති.
දැනට තරගාවලියෙන් ඉවත් වී ඇත්තේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පමණයි.