තමන් ජයග්‍රහණය මත පමණක් පිහිටා තීරණ ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න පවසනවා.
මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට සහය පළ කරන බවට දිගින් දිගටම වාර්තා පළ වුණා. වාරියපොල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් රට ගැන සිතා ඉදිරි තීන්දුව ගන්නා බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව පසුගියදා නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.