අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් හෙට(24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර මන්ත්‍රීවරුන් 16 දෙනා එක්ව සාකච්ඡාවක් පවත්වා එහිදී ගනු ලබන තීරණ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එමෙන්ම ලබන 8 වන දා පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසි වාරයේදී එම මන්ත්‍රීවරුන් කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීම ගැනීමට නියමිත බව ද ඔහු කියා සිටියා.
