ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
එහි ඉහළ නිලධාරියෙකු වැඩිදුරටත් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ නඩු තීන්දුව මෙම සතිය තුළදී ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි.
මේ අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළහොත් එමගින් සාධාරණ නඩු විභාගයකට අගතියක් වන බව දක්වමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා.
ඒ නීතිඥ අරුණ ලක්සිරි විසින්.