Gossips

තීන්දුව ඉක්මනින් දෙන්නැයි, ජනපතිගෙන් අගවිනිසුරු වෙත ඉල්ලීමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් තරඟ කිරීමට කටයුතු කරන ලෙසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.
කෙසේ වෙතත්, මෙම හමුවට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවුණේ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදියි.