Gossips

තීන්දුවක් ගන්න ඒකාබද්ධයේ නායකයන් අද රැස්වේ

දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේදී රැස්වීමට නියමිතයි.
සාකච්ඡාව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම ද එක්වන බවයි වාර්තා වුණේ.
මේ අතර, රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ යමින් පවතින්නේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ඉහළ දැමුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.