Politics Sri Lanka

තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි

තිළිණ ගමගේටත් ඇප කොන්දේසි ලිහිල් වෙයි

බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට බාරවීමෙන් පසු වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමේදී මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මාස දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද (23) නියෝග කර තිබේ.

හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වාර්තා කිරීමට යන අවස්ථාවලදී ඔහු අතිරේක මහෙස්ත‍්‍රාත්වරයකු ලෙස සේවය කරන සමයේදී ඇප ලබාදුන් සැකකරුවන්ද ඇප කොන්දේසින්ට අනුව රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීමට පැමිණෙන බව දැනුම් දෙමින් නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස ඇප කොන්දේසි ලිහිල් කර ඇත.

කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කළ දෙවැනි අවස්ථාව මෙය වේ.