Gossips

තිස් පහේ වයස් සීමාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ විරෝධය

වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් සඳහා ඉදිරියේදී මගී ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට ත්‍රිරෝද රථ සංගම් දැඩි විරෝධය පළ කරනවා.
එම සංගම් පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ කර්මාන්තය නගා සිටුවීම වෙනුවට රජය විසින් වෙනත් කටයුතු සිදුකිරීම තුළින් එය තවත් පහළට ඇද දැමීම සිදුවන බවයි.
වයස අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට මගී ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීම සිදුකළහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ.
මේ අතර, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සංගමයේ සභාපති ලලිත් ධර්මසේන ද රජය විසින් ගෙන ඇති මෙම තීරණයට දැඩි විරෝධය පළ කළා.