Gossips

තිස්ස – දෙබරවැව මාර්ගයේ සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මරුට

තිස්සමහාරාම – දෙබරවැව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ කුඩා දරුවෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයස අවුරුදු 4ක් පමණ වූ මේ දරුවා හදිසියේම මාර්ගය හරහා මාරු වීමට උත්සහ කිරිමෙදියී මේ අනතුරට ලක්ව ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම, නැදිගම්විල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
ඊයේ (22) උදැසන සිදුවූ මේ අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
මේ අතර තම දරුවාට තිස්සමහාරාම මූලික රෝහලේ නිසි ප්‍රතිකාර නොලැබුණු නිසා දරුවා මිය ගිය බවට පිරිසක් චෝදනා කරනවා.
සිද්ධියෙන් මිය ගියේ සිව් හැවිරිදි සදෙව් තීක්ෂණ නැමැති දරුවායි.
දරුවා අනතුරට ලක්වන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක පටිගත වී තිබුණේ මෙලෙසින්.