විශ්වාසභංග ගෙනවිත් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රථම සුදුසු අයෙකුට නායකත්වය ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර – තෙල්දෙනිය ප්‍රදේශයේ ඊයේ (18) සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
