Gossips

තිස්සමහාරාමයේ දී තරුණයෙකුට වෙඩි

තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ ඇල්ලගල ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මෙම තරුණයා සිය නිවසේ රැඳී සිටියදී පුද්ගලයෙකු පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
වෙඩි වැදුණු තරුණයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
සැකකරු පොලීසිය හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.