Gossips

තිසර පරාජයට හේතු කියයි

ඊයේ (12) ඉන්දියාව වෙතින් ලද පරාජයට තමා ඇතුළු පිතිකරුවන් දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතු වූ බව ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසනවා.
දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවීම හේතුවෙන් එම තරඟය මෙන්ම සිකුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟයේ දී ශ්‍රී ලංකා පිළ මෙහෙය වන්නේ තිසර පෙරේරා විසින්.
ඊයේ (12) තරඟයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉදිරි තරඟයේදී පිතිකරණයේ දුර්වලතා මඟ හරවා ගැනීමට උත්සාහ කරන බවයි.