Gossips

තිසර ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සැරසෙයි

ඔක්තොබර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථානු ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී "පක්තියා" කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබෙනවා.
මෙම තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවඅ ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ තිසර පෙරේරායි.
පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය එම තරඟවලියේදී තිසරගේ සේවය ලබාගැනීම සඳහා ඔහුට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 75,000ක් වන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක් පමණ වනවා.
පකිස්ථානයේ සහිඩ් අෆ්රිඩි සහ ෆාහීම් අෂ්රෆ් , දකුණු අප්‍රිකාවේ කැමරන් ඩෙල්පොට්, එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩ්න් සහ ලුක් රයිට්, ස්කොට්ලන්තයේ කැලම් මැක්ලියොඩ් පක්තියා කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් විදෙස් ක්‍රීඩකයින් වනවා.
පළමු වරට පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරඟාවලියට පක්තියා, කාබුල්, බල්කා, නන්ගර්හාර් සහ කන්ධාර් යන කණ්ඩායම් 05 තරඟ වදිනවා.
මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී.