Gossips

තිසරයේ පන්දු ඉදිරියේ අනුකම්පා විරහිත වූ සුපිරි පිතිකරුවාගෙන් සාජා පිටියේ දී හයේ, හතරේ වරුසාවක්

ටී – 10 ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී ඊයේ (21) ආරම්භ වුණා.
තරඟාවලියේ පළමු තරඟය ලෙස රාජ්පුට්ස් සහ සෙන්ඩිස් කණ්ඩායම් තරඟ බිමට පිවිසියා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සෙන්ඩිස් පිළ සිය පන්දුවාර 10 තුල කඩුලු 06ක් දැවී ලකුණු 94ක් රැස් කළා.
එහිදී පන්දු 20කට මුහුණ දුන් ෂේන් වොට්සන් හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 42ක්.
සෙන්ඩිස් පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට රැස්කර ගත හැකි වුයේ ලකුණු 04ක් පමණයි.
පන්දු යැවීමේදී මුනාෆ් පටෙල් කඩුලු 03ක් බිඳ දැමුවා.
පන්දු 60ක් තුල ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජ්පුට්ස් කණ්ඩායම පන්දුවාර 04ක් තුල එම ඉලක්කය පසුකර ගියේ සෙන්ඩිස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින්.
රාජ්පුට්ස් පිළේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ෂාසාඩ් සහ නවසීලන්ත හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී පිළිවෙලින් ලකුණු 74ක් සහ 21ක් රැස්කළා.
පන්දු 16කදී ගොඩ නැගුණු මොහොමඩ් ෂාසාඩ්ගේ ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත්.
තරඟයේ තිසර පෙරේරා ක්‍රියාත්මක කළ පන්දුවාරයට හයේ පහර 03ක් සහ හතරේ පහර 03ක් සමඟින් ලකුණු 30ක් රැස්කර ගැනීමට මොහොමඩ් ෂාසාඩ් සමත්වීම විශේෂත්වයක්.
තරඟයේ වීරයා සම්මානය මොහොමඩ් ෂාසාඩ් හිමිකර ගැනීමට සමත් වුණා.
තරඟාවලියේ දෙවන තරඟය ලෙස පාක්ටූන්ස් කණ්ඩායම සහ කේරළ කිංග්ස් කණ්ඩායම අතර පැවති තරඟය කඩුලු 08කින් ජයගන්නට කේරළ කිංග්ස් පිළ සමත්වුණා.
පළමු තරඟයේ විශේෂ අවස්ථා පහතින්..