ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක තිසර පෙරේරා සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු 57කින් වාර්තාකළ එම ශතකයට හතරේ පහර 08ක් සහ දැවැන්ත හයේ පහර 07ක් ඇතුළත්.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දු වාර 50 තුළදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා.