Gossips

තිලංග සුමතිපාල, සනත් ජයසූරිය සහ ගොඩ්ෆ‍්‍රි දාබරේරා මුදලට තරඟ පාවාදීමට සම්බන්ධ ද ? ICC යෙන් පරීක්ෂණ

මුදලට තරග පාවාදීම් පිළිබඳව සොයා බැලීම සදහා මේ දිනවල දිවයිනට පැමිණ සිටින ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස් මහතා ප්‍රශ්න කිරීම් සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකට රැගෙන ගිය බව අප ඊයේ හිරු ස්පෝර්ට්ස් හරහා අනාවරණ කළා.
එහිදී ඒ මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ප්‍රශ්නකොට ඇතිබව සදහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසුරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ඩිස් මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කොට තිබෙනවා.
ඒ ඔවුන් තිදෙනා මුදලට තරග පාවාදීමේ සිදුවීම්වලට සම්බන්ද දැයි තහවරු කරගැනීම සදහායි.
ප්‍රශ්න කිරීම් වලින් පසු ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් මොරටුවේ පිහිටි හේමාල් මෙන්ඩිස් මහතාගේ නිවසට පැමිණ එයද සෝදිසි කර තිබෙනවා.
විමර්ශන කටයුතු සදහා දිවයිනට පැමිණ සිටින ICC නිලධාරින් පසුගියදා මෙරට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගේ ජංගම දුරකථනය ද සිය භාරයට ගෙන පරීක්ෂණ සිදු කළා.
ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි හේමාල් මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කරන්නට ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පියවර ගත්තේ.