Gossips

තිලංග ඉවත් වෙයි – නිශාන්ත සහ ධර්මදාස තරඟයට

ලබන වසරේ පෙබරවාරි 7 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නාම යෝජනා භාර ගැනීම අද පස්වරු 3න් අවසන් වුණා.
ඒ අනුව හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංගගේ පාර්ශවය නියෝජනය කරමින් කේ. මතිවානන් සභාපති තනතුර සඳහා තරඟ වැදීමට නාම යෝජනා භාර දෙනු ලැබුවා.
එමෙන්ම හිටපු සභාපති තිලංග සුමතිපාල මෙවර නිළවරණයට ඉදිරිපත් නොවන අතර ඔහුගේ පාර්ශවය නියෝජනය කරමින් සභාපති තනතුරට තරඟ වදින්නේ මොහාන් ද සිල්වා සහ ශම්මි සිල්වා යන අයයි.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මෙවර ක්‍රිකට් නිළවරණයේදී සභාපති තනතුර සඳහා ස්වාධීනව තරඟ කිරීමට අද නාම යෝජනා භාර දී තිබෙනවා.